මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් හටගෙන ඇති පැයට කිලෝමීටර් 230ක උපරිම සුළං වේගයකින් යුත් සිව්වන මට්ටමේ ‘පෝලෝ’ චණ්ඩ මාරුතය හේතුවෙන් වෙරළබඩ දේපළ රැසකට දැඩි හානි සිදුව තිබේ.
මෙවන් පසුබිමක, චණ්ඩ මාරුතවල තීව්‍රතාව ඉහළ යාම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයේ (NOAA) පර්යේෂකයින් කණ්ඩායමක් P-3 වර්ගයේ විශේෂ පර්යේෂණ ගුවන් යානයකින් මෙම කුණාටුවේ දරුණුතම කොටස වන ‘චක්‍රවාට බිත්තිය’ හරහා ගමන් කර එහි මධ්‍යයේ පිහිටි නිශ්චල ‘සුළි කුණාටු අක්ෂිය’ වෙත පිවිස ඇති අතර, එම අනතුරුදායක පියාසැරිය දැක්වෙන දර්ශන පෙළක් ද මේ වන විට නිකුත් කර ඇත.

