බිනර පසළොස්වක පෝහෝ දිනය අදයි.

0
14

ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියක් සනිටුහන් කරන බිනර පසළොස්වක පෝහෝ දිනය අදට (26) යෙදී තිබේ.

භික්ෂුණී ශාසනයේ ආරම්භය සනිටුහන් කරමින් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවය ලැබුවේ අද වැනි පෝය දිනකය.

කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළ ද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට උන්වහන්සේ අවසර වදාළහ.

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සම්පූර්ණ වූයේ ද මෙම  පූජනීය දිනයේදීය.

වස් සමයේ අතරමැදි පොහොය ලෙස සැලකෙන බිනර පෝදා තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදුව ඇත.

තපස්සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීමත්, උන්වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කරමින් සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් ඒ අතර ප්‍රධාන වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here