CNN ඇතුළු මාධ්‍ය ආයතන 3ට ධවල මන්දිර ප්‍රවේශය යළි ලබාදෙන්නැයි නියෝග

0
17

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරන ලද CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනට වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ප්‍රවේශය ලබාදෙන ලෙස කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය තාවකාලික නියෝගයක් නිකුත් කර තිබේ.

තම මාධ්‍ය අවසරපත්‍ර අත්හිටුවීමට එරෙහිව අදාළ මාධ්‍ය ආයතන ගොනුකළ නීතිමය අභියෝගය සලකා බැලූ අධිකරණය, දින 14ක කාලයක් සඳහා මෙම ප්‍රවේශ පහසුකම් යළි ලබාදෙන ලෙස නියෝග කළේය.

අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු පවසන බවටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් ට්‍රම්ප් පරිපාලනය නගන ලද චෝදනා ප්‍රතික්ෂේප කළ අධිකරණය, මෙම තහනම පැනවීමේදී ධවල මන්දිරය නිසි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here