වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ප්‍රථම වතාවට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ජනාධිපති ට්‍රම්ප් සංවිධානය කළ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ උත්සවය අතරතුරදී සිදු වූ මෙම හමුවේදී, වෙනිසියුලාවට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.
මේ අතර, වෙනිසියුලාව තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වහාම පවත්වන ලෙස ඉල්ලමින් වෙනිසියුලානු ජාතිකයන් පිරිසක් නිව්යෝර්ක් නුවරදී විරෝධතාවක නිරත වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

