ඩීසල් වෙනුවට භූමිතෙල් ගැසූ බස්වල බලපත්‍ර අහෝසියි

0
13

කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථ ඉලක්ක කරගනිමින් වාහන වායු විමෝචන වැඩසටහන සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව සිදුකළ විශේෂ රාත්‍රී හදිසි පරීක්ෂාවකදී පරීක්ෂා කළ බස් රථ 59කින් 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

දහවල් කාලයේදී පරීක්ෂාවන්ට හසුනොවන බස් රථ පරික්ෂා කිරීම සඳහා සංවිධානය කළ මෙම මෙහෙයුමේදී, ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගනිමින් ධාවනය කළ බස් රථ කිහිපයක් ද හඳුනාගෙන ඇති අතර ඒවායේ මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇත.

මීට අමතරව ඊයේ (22) කිලිනොච්චිය ප්‍රදේශයේදී ද මෙවැනිම පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මගී ආරක්ෂාව සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් මෙවැනි විශේෂ පරීක්ෂණ සතිපතා දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here