ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (22) සිය සහතිකය සටහන් කිරීමත් සමඟ, එය 2026 අංක 22 දරන පනත ලෙස බලාත්මක වී තිබේ.
2009 අංක 35 දරන පනතින් සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය සඳහා ස්ථාපිත කරන ලද ‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී’ තනතුර මෙම නව පනත මඟින් අහෝසි කෙරේ.
2026 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සැප්තැම්බර් 09 වන දින ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පැවැති සියලු චංචල හා නිශ්චල දේපළ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට නියමිතය.

