එළඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
“නුවණින් කියවමු – නුවණින් රැගෙන යමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව මෙම උපදෙස් මාලාව ක්‍රියාත්මක කෙරෙන අතර, පාරිභෝගික අධිකාරී පනතට අනුව අතලු සහිත ‘සිලි සිලි මලු’ නොමිලේ ලබාදීම තහනම් බවත් මුදලට විකුණන්නේ නම් එය බිල්පතේ සඳහන් කළ යුතු බවත් සිහිපත් කරනු ලබයි.
මීට අමතරව තනි භාවිත ප්ලාස්ටික් බීම බට, පිඟන්, කෝප්ප, හැඳි-ගෑරුප්පු සහ පොලිතීන් ලන්ච් ෂීට් භාවිතය හෝ නොමිලේ දීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින්, ප්‍රදර්ශන පරිශ්‍රයේ පිහිටි ආහාර අලෙවිසැල්වලදී ද එම ද්‍රව්‍ය භාවිත නොකිරීමට වෙළෙඳුන් සමඟ එකඟතාවකට පැමිණ තිබේ.

