තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනයක් හෙට (23) පස්වරු 2:00 දක්වා බලපැවැත්වෙන බව දැනුම් දෙයි.
අද (22) පස්වරු 2:00ට නිකුත් කෙරුණු මෙම නිවේදනයට අනුව, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වන වෙරළ තීරයේ මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යමින් මුහුද විටින් විට රළු විය හැක.
මීට අමතරව පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ පහර මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යා හැකි බැවින්, එම ප්‍රදේශවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.

