ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (22) පෙරවරුවේ පැවැති කාන්තා බොක්සිං මූලික වටයේ තරගයකදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.
කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ තරග වැදුණු ඇය, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩිකාව වට 5-0ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම්, පැසිපන්දු, කබඩි, ජිම්නාස්ටික්, මේසපන්දු සහ හොකී යන තරග ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද දිනයේ තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

