2026 ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී ඇරඹේ. මෙවර විශේෂතා රැසක්

0
6

​20වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) කේන්ද්‍ර කරගනිමින් අද (සැප්තැම්බර් 19) නිල වශයෙන් ආරම්භ විය. ‘Imagine One Asia’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වේ.

​මෙවර තරගාවලිය පිළිබඳ වැදගත් තොරතුරු පහත පරිදි වේ.

1958 (ටෝකියෝ) සහ 1994 (හිරෝෂිමා) වසරවලට පසුව ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ට අමතරව, ප්‍රථම වතාවට එක්වන ආසියානු සරණාගත කණ්ඩායම ද ඇතුළුව මුළු කණ්ඩායම් 46ක් තරග වදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික සංඛ්‍යාවක් සහ නිලධාරීන් 6,000ක් පමණ මෙයට එක්ව සිටිති.

ක්‍රීඩා 43ක් යටතේ තරග ඉසව් 469ක් පැවැත්වීමට නියමිතය.

Padel, Teqball, Surfing මෙන්ම ප්‍රථම වරට එකතු කරන ලද Virtual Taekwondo ද මෙවර තරගාවලියට ඇතුළත් වේ.

සමාරම්භක, සමාප්ති සහ ප්‍රධාන මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන්නේ ආසන 35,000ක ධාරිතාවෙන් යුතු පලෝමා මිසුහෝ (Paloma Mizuho) ක්‍රීඩාංගණයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here