සෞදි අරාබියට ඇමෙරිකානු ඩොලර් බිලියන 24.3ක් වටිනා F-35 ප්‍රහාරක යානා 48ක් අලෙවි කිරීමේ ගනුදෙනුව සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.
ප්‍රධාන නේටෝ නොවන හවුල්කරුවෙකු වන සෞදි අරාබියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීම මෙහි අරමුණ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන අතර, මෙයින් මැදපෙරදිග කලාපීය හමුදා බල තුලනය වෙනස් නොවන බවද අවධාරණය කරයි.
මේ අතර, යේමනයේ හූති සංවිධානය විසින් සෞදි F-15 ප්‍රහාරක යානයක් මරිබ් ප්‍රදේශයේදී මතුපිට සිට ගුවනට එල්ල කරන මිසයිලයකින් බිම හෙළූ බවට ප්‍රකාශ කර ඇති අතර, ඊට අදාළ සුන්බුන් සහිත වීඩියෝ දර්ශනද ප්‍රකාශයට පත්කර ඇත.

