දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි. වර්ජනය කඩාකප්පල් කරන බවට ස්ථානාධිපති සංගමයෙන් චෝදනා

0
17

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණද, එක් දුම්රියක් හැර අනෙකුත් සියලු කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මුහුදුබඩ, හලාවත, ප්‍රධාන, උතුරු සහ කැලණිවැලි යන මාර්ගයන්හි ගමන්වාර රැසක් ධාවනයට සැලසුම් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, වර්ජනයට පෙර ඊයේ පස්වරුවේද ගමන්වාර කිහිපයක් අවලංගු වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ අතර, බහුතරයක් ස්ථානාධිපතිවරුන් වර්ජනයට සහභාගී වී සිටියදී පාලනාධිකාරිය විසින් දුම්රිය ධාවනය කරවීමට දැරීමට උත්සාහ කරන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here