තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරුණු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවන කැලඹිලි ස්වභාවයන් තීව්‍ර විය හැකි බැවින් තද වැසි, ගංවතුර සහ නායයෑම් සඳහා සූදානම් විය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම දෙසැම්බර් මාසයේදී දිවයිනේ ඊශාන දිග කොටසට වැඩි වර්ෂාපතනයක් සහ ඉන්දියන් සාගර ද්විධ්‍රැව (IOD) තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් සමග ඇතැම් විට ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැක.
ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය ඉහළ ගොස් වැසි අඩුවන වියළි කාලගුණයක් අපේක්ෂා කරන බැවින්, ඉදිරි මාස කිහිපයේ ලැබෙන ජලය නිසි ලෙස කළමනාකරණය කරගන්නා ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

