අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක්

0
13

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පාමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කර ඇත.

දුම්රිය රියදුරු, පාලක සහ ස්ථානාධිපති ඇතුළු වෘත්තීය සමිති 26ක් එක්වන මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහි විනය පියවර අත්හිටුවීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා උපදෙස් දී තිබියදී වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here