එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

0
19

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 119ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක Harry Brook නොදැවී ලකුණු 114ක් සහ Jos Buttler පන්දු 44කදී ලකුණු 80ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් සහ දසුන් ශානක ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here