ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයෙන් රැකියා

0
16

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකිකයින් 10,000 කට රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබේ. තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම රැකියා හිමිවන අතර, ඊට අදාළ විශේෂ ද්වීපාර්ශ්වික ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඊයේ (14) අත්සන් තැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ තායිලන්ත නිල සංචාරය අතරතුරදී මෙම සන්ධිස්ථානගත ගිවිසුම්වලට එළඹුණු බවයි. මෙම නව පියවර හරහා දෙරට අතර කම්කරු ක්ෂේත්‍රයේ පවතින සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here