පහළ වායුගෝලීය කැළඹීමක් නිසා ප්‍රදේශ රැසකට තද වැසි සහ මුහුද රළු වීමේ අවදානමක්

0
14

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කෙරේ.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.00 දක්වා වාර්තා වූ ඉහළම වර්ෂාපතනය වන මිලිමීටර් 146.5 ගම්පහ කිරිඳිවැල වස්ලතාලාරාමය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මෙයට අමතරව දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති වී මුහුද රළු වීමේ අවදානමක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here