එල්නිනෝ අවදානමට මුහුණ දීමට ජාතික කථිකාවතක් සහ පූර්ව සූදානමක් අවශ්‍යය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

0
8

එල්නිනෝ තත්ත්වයේ බලපෑම 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, ඊට සාර්ථකව මුහුණ දීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව ආණ්ඩුව, විපක්ෂය සහ සමස්ත ජනතාව එක්ව විනිවිදභාවයෙන් යුත් ජාතික කථිකාවතක් ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු සඳහන් කළේ, තමන්ගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් මෙම සංසදය මසකට දෙවතාවක් රැස්වෙමින් ඊට අදාළ වැඩසටහන් ආරම්භ කරන බවයි.

මිනිස් සම්පත මෙන්ම වනසම්පත, සතුන් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවත්, ආපදාවක් සිදු වූ පසු ප්‍රතිචාර දක්වනවාට වඩා ගෝලීය අවදානම් දැනුම්දීමක් ලැබුණු වහාම ක්‍රියාත්මක වන පූර්ව ආපදා ප්‍රතිචාරාත්මක ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here