ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ (2026) ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 97,637 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, සැප්තැම්බර් මාසයේ මුල් දින 13 තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු හඳුනාගෙන ඇත. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (20,742) වාර්තා වේ.
ඊට අමතරව කොළඹ (19,235), මහනුවර (7,291) සහ කළුතර (6,247) යන දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු ලෙස වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

