දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
17

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) පෙ.ව. 10.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ප.ව. 11.30 දක්වා වලංගු වන අතර, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටද අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතී.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං හටගත හැකි බැවින්, අකුණු සහ සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here