මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායිකාවක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කළුබෝවිල පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඇය 91 වැනි වියේ පසුවූවාය.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස සේවය කළ ඇය, දහස් සංඛ්‍යාත සිසු පරපුරකට උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කිරීමට මඟපෙන්වූවාය. ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ දයා නෙල්ලම්පිටිය මහත්මිය, වත්මන් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේම මුල් ගුරුවරිය ද වන්නීය.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලා ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා ඇයගෙන් ඉටුවූ මෙහෙවර අනුපමේය වේ. දයා නෙල්ලම්පිටිය මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) දින සිදුකිරීමට නියමිතයි.

