ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති අතර, එය පැය 24ක් තුළ එම කලාපයෙන් වාර්තා වූ දෙවන භූචලනය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර ඉන්දුනීසියාවේ මලූකු දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ ද රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබූ අතර, මෙම භූචලන ද්විත්වය හේතුවෙන් කිසිදු සුනාමි තර්ජනයක් මතුව නොමැති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.

