මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට හිටපු ජනපති ගෝඨාභය FCIDයට

0
12

මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අනුව කරන ලද කැඳවීමකට ඔහු මෙලෙස පැමිණ ඇත.

මීට අමතරව, එකී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here