අත්බෝම්බයක් එල්ල කිරීමෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට.

0
18

දෙහිවල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බයක් එල්ල කිරීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ කවුඩාන, සිරිසඟබෝ මාවතේ (සංඝබෝධි මාවත) පිහිටි නිවසකටය.

මෙම පිපිරීමෙන් වයස අවුරුදු 10 සහ 14 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, 52 හැවිරිදි ඔවුන්ගේ පියා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පොලිසියට අනුව, මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇතිවූ ගැටුමක් හා සම්බන්ධ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here