හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරය සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.
අදාළ වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු තීරය විටින් විට රළු වීමේ වැඩි හැකියාවක් පවතී.
එම නිසා අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

