හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
ඒ රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

