රන් ආභරණවලින් සැරසූ මනාලියට ඇවිදීමටත් අපහසු වූ විවාහ මංගල්‍යයක් තුර්කියේදී

0
8

තුර්කියේ සමාජ මාධ්‍ය ප්‍රසිද්ධියක් හිමි Çağla Öz සහ “Kara Haydar” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ව්‍යාපාරික Haydar Karaගේ විවාහ මංගල්‍යය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබේ.

විවාහ උත්සවයේදී සිදුකළ රන් ආභරණ පැළඳවීමේ චාරිත්‍රය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Çağla Öz වෙත විශාල ප්‍රමාණයක රන් ආභරණ තෑගි කර ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ එම රන් ආභරණ පැළඳවීමේ චාරිත්‍රය මිනිත්තු කිහිපයක් පුරා පැවති බවයි.

විශේෂයෙන් සකස් කළ රන් පටි, ඝන රන් වළලු සහ විවිධ රන් ආභරණ කට්ටල මනාලියට පැළඳවීම හේතුවෙන් ඇයට ගමන් කිරීමට පවා අපහසු වූ බව වාර්තා වේ.

පැළඳ සිටි රන් ආභරණවල සමස්ත වටිනාකම තුර්කි ලීරා මිලියන ගණනක් වන බවටද වාර්තා පළ වී තිබේ.

මෙම අතිවිශිෂ්ට විවාහ උත්සවය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචලිත වීමත් සමඟ, එහි වියදම් සහ අතිවිශාල රන් ආභරණ ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ අදහස් සහ සංවාද ද ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here