මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට ජනපති යන්නේ නැහැ.

0
9

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට සහභාගී නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකාව අමාත්‍ය මට්ටමින් තමන් සහභාගී වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊයේ(08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සැප්තැම්බර් 28 වැනි දින මහාමණ්ඩලය ඇමතීමට නියමිත බවයි.

මේ අනුව තමන් සැප්තැම්බර් 26 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිත බව ඔහු පැවසීය.

පසුගිය මහාමණ්ඩල සැසිය සඳහා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගී වූවත්, මෙවර ශ්‍රී ලංකාවේ නියෝජනය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව ද ඔහු සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here