කටුනායකදී රුපියල් කෝටි 5 කට වැඩි කුෂ් සහ හෂීෂ් සමඟ තායිලන්ත ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
21

රුපියල් පන්කෝටි දහතුන් ලක්ෂ හැත්තෑදහසක් (51,370,000) පමණ වටිනා “කුෂ්” සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (08) අලුයම 12.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ‘තායි ගුවන් සේවයට’ අයත් TG-307 දරන ගුවන් යානයෙන් පැමිණි මොවුන්, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී මෙසේ පරීක්ෂාවට ලක්ව ඇත.

වයස අවුරුදු 23 සහ 39 පසුවන තායිලන්ත ජාතිකයන් දෙදෙනෙකි. (මොවුන් තායිලන්තයේ මස් වෙළෙඳසැලක මස් කපන්නන් ලෙස සේවය කරන්නන් බව අනාවරණය වී ඇත.)

කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 496 ක් (විටමින් අඩංගු බඳුන් 16 ක් තුළ සඟවා තිබී ඇත.)

ග්‍රෑම් 641 ක් (පිටතින් “මිදි තලපයක්” ලෙස පෙනෙන සේ පොලිතීන්වල ඔතා සකස් කර තිබී ඇත.)

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here