ලෝක සිතියම සංශෝධනය කිරීමේ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය

0
8

අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීමේ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ‘Correct the Map’ ලෙස නම් කර ඇති මෙම යෝජනාව ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කර ඇත.

අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී ඇත. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර, ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි. මර්කේටර් (Mercator) සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාවේ සැබෑ විශාලත්වය නිරූපණය නොවන බව පෙන්වා දී ඇති අතර, සැබැවින්ම අප්‍රිකානු මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here