දරුණු ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් නේපාලය වෙනුවෙන් සහනාධාර සැපයීමේ පියවරක් ලෙස තවත් මානුෂීය ආධාර තොගයක් යැවීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කට්ටල ඇතුළත් ටොන් 21.5ක සහනාධාර තොගයක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කත්මණ්ඩු නුවර වෙත ගෙනගොස් ඇත.
මෙම ආධාර තොගය නේපාලයේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදී තිබේ.

