වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවයි

0
12

දිවයිනේ පැවැති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 29,584කට අයත් පුද්ගලයින් 96,584 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇත.

අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම එල්ල වී ඇති අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි. එහි පවුල් 11,751ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ම ආවරණය වන පරිදි අඛණ්ඩව සිදුකරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here