ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි. ස්ථාන කිහිපයකට හිරු මුදුන් වෙයි

0
9

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසුව වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ. මීට අමතරව බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තද සුළං සහ අකුණු වලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා සෘජුවම ගමන් කිරීම හේතුවෙන් අද (04) දහවල් 12.09 ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බව ද වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here