දෙහිවල සත්වෝද්‍යානයේ උපන් නයිල් හිපපොටේමස් පැටවාට නමක් තැබීමට දරුවන්ට අවස්ථාවක්

0
20

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුතින් උපත ලැබූ නයිල් හිපපොටේමස් පැටවාට නමක් තැබීමේ විශේෂ වැඩසටහනක් මහජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබේ.

මෙම හිපපොටේමස් පැටවා සඳහා සුදුසු නම් යෝජනා කිරීමට සත්වෝද්‍යාන නරඹන්නන්ට සහ සත්ව ලෝලීන්ට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ සඳහා වන විශේෂ අන්තර්ජාල පෝරමය (Online form) මේ වන විට විවෘත කර ඇත. සත්වෝද්‍යානය සහ සත්ව ලෝලීන් අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ මහජන සහභාගීත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

තරගයට සහභාගී වීමේ කොන්දේසි සහ තොරතුරු:

  • වයස් සීමාව: මෙම නම් තැබීමේ තරගයට සහභාගී විය හැක්කේ වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට පමණි.

  • සහභාගී වන ආකාරය: අදාළ අන්තර්ජාල පෝරමය වෙත පිවිස අවශ්‍ය සියලු තොරතුරු නිවැරදිව සම්පූර්ණ කර තමන්ගේ නම යෝජනා කළ හැකිය.

  • අන්තර්ජාල යොමුව (Link): තරගයට සහභාගී වීමට කැමති දරුවන්ට https://forms.gle/TE1LVndMqtBMva1fA යන නිල අන්තර්ජාල යොමුව ඔස්සේ සිය යෝජනා ඉදිරිපත් කළ හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here