නොවැම්බර් APEC සමුළුවේදී පුටින්, ෂී සහ ට්‍රම්ප් අතර හමුවක්

0
6

රුසියානු ජනාධිපති ව්‌ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් පැවැත්වීමට ඉඩ ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබේ.

ලබන නොවැම්බර් මාසයේදී චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුව අතරතුර මෙම හමුව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ක්‍රෙම්ලින් උපදේශක යූරි උෂාකොව් සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම සමුළුව සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ සහභාගීත්වය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here