මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 95,493 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 72ක් වන අතර, මරණ අනුපාතිකය 0.076%ක් ලෙස සටහන් වේ.
දත්තවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. මීට අමතරව ජූනි මාසයේදී 21,533ක් සහ අගෝස්තු මාසයේදී 10,157ක් ලෙස රෝගීන් හඳුනාගෙන තිබේ. පළාත් මට්ටමින් වැඩිම බලපෑමක් බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර, එතැනින් රෝගීන් 50,506 දෙනෙකු වාර්තා වේ. දකුණු පළාතෙන් රෝගීන් 13,886ක් සහ මධ්‍යම පළාතෙන් 8,710ක් ලෙස ද වාර්තා වී ඇත.
දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් (සමස්තයෙන් 21.31%ක්) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කොළඹින් රෝගීන් 18,914ක් සහ මහනුවරින් 6,977ක් ලෙස වාර්තා වේ. මේ අතර දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස පවතින බව ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.

