ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රාසාංගික කලා අංශය 2026 වසරේ ඇමෙරිකානු පැසිපික් ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායම එක්ව පවත්වනු ලබන විශේෂ ඒකාබද්ධ සංස්කෘතික සංදර්ශනය හා සංගීත ප්‍රසංගය “Fusion Performance – Atlas Angel 2026” සැප්තැම්බර් මස 4 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර Arcade පරිශ්‍රයේදී සවස 5.30 ට ආරම්භ වේ.
මෙම සංස්කෘතික ප්‍රාසාංගික අද්දැකීම සුවිශේෂී වන්නේ දෙරට තුල ඇති සංස්කෘතිකාත්මක වින්දනීය අද්දෑකීම් ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමයි. එය නොමිලේ ඔබට නැරඹීමට අවස්තාව උදාකොට ඇති බැවින් සංග්‍රාමීය සේවයකට එහා ගිය විවිධ කළා නිර්මාණ රසවිඳීමට ඔබට අවස්තාව ඇත.

