නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි

0
7

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මිය (46) පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකදී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැති උත්සවයකින් අනතුරුව අද (31) අලුයම ඇය මෙම ව්‍යාපාරිකයා සමඟ අදාළ නිවසට පැමිණ ඇති අතර, ඇය මුනින් අතට නිදා සිටියදී අවදි කිරීමට උත්සාහ කළත් ප්‍රතිචාර නොදැක්වීම නිසා පරීක්ෂා කිරීමේදී කොට්ටය මත ලේ තැවරී තිබෙනු දැක ව්‍යාපාරිකයා විසින් 1990 සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා ඇත.

සුව සැරිය කාර්ය මණ්ඩලය පැමිණ ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳව පිළියන්දල පොලීසියට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here