ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
නවතම මිල සංශෝධනය පහත පරිදි වේ:
-
ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399ක් වේ. (පැවති මිල: රු. 414)
-
ඔක්ටේන් 95 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් වේ. (පැවති මිල: රු. 495)
කෙසේ වෙතත්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.


