අමෙරිකාව විසින් පසුගිය ජූලි මාසයෙන් පසුව පළමු වරට ඉරානයේ ලාරක් දූපතට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු දෙකකට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුද ගැටුම් නැවත ආරම්භ වී ඇති අතර, මැදපෙරදිග නවතම යුදමය උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 2.57%කින් ඉහළ ගොස් ඩොලර් 85.54ක් ලෙස ද, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.84%කින් ඉහළ ගොස් ඩොලර් 90.60ක් ලෙස ද, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.04%ක සැලකිය යුතු වර්ධනයක් සමඟ ඩොලර් 95.75ක් ලෙස ද සටහන් වී ඇත.

