හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

0
8
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා අනුයුක්ත කළ සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ නිකුත් කිරීමට මීට පෙර කැඳවා තිබුණද ඒ සඳහා මන්ත්‍රීවරයා නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගියදා ඔහුගේ නිවසටද ගොස් තිබිණි.
කෙසේවෙතත්, එම අවස්ථාවේදීද නිවසේ නොසිටි මන්ත්‍රීවරයා, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමට අනුව ලබාදුන් දින වෙන්කිරීමට අනුව අද දින මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here