කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවති.
මෙහි බලපෑම නිසා හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ තීරයන්ට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බැවින් අදාළ ප්‍රදේශවල ධීවර, නාවික සහ වෙරළබඩ ප්‍රජාවන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු වේ.
එමෙන්ම, නැගෙනහිර පළාත ඇතුළු පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (උණුසුම් දර්ශකය) අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බවට ද වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

