ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්

0
13

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ ගොස් එම මුහුදු කලාප විටින් විට රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික හා ධීවර ප්‍රජාව වෙත විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින්, මුහුදු යෑමේදී සහ නාවික කටයුතුවලදී දැඩි අවධානයෙන් හා සවිඥානිකව කටයුතු කරන ලෙස අදාළ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here