නේපාල ඛේදවාචකය දරුණු අතට – තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු ඇඟවෙයි

0
2

නේපාලයේ සහ ටිබෙටයේ දැවැන්ත විනාශයක් සිදුකළ හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) විසින් නිකුත් කරන ලද විශේෂ ඇගයීම් වාර්තාවකට අනුව, ගංගා පද්ධති වෙත විශාල වශයෙන් එකතු වී ඇති සුන්බුන් හේතුවෙන් දෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන්ම ට්‍රිෂුලි (Trishuli) ගඟේ පටු ස්ථානවල තාවකාලික අවහිරතාවක් ඇති වී තිබේද යන්න පිළිබඳව පරික්ෂා කරමින් පවතින අතර, යම් හෙයකින් නායයෑමක් හේතුවෙන් ස්වාභාවික වේල්ලක් (landslide dam) නිර්මාණය වී ඇත්නම් එය බිඳී යාමෙන් පහළ ප්‍රදේශවලට නැවතත් දරුණු ගංවතුරක් එල්ල විය හැකිය.

මෙම තත්ත්වය හමුවේ එවැනි අවහිරතා පවතී නම් ඒවායේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව පිළිබඳව වැඩිදුර ඇගයීම් සිදුකිරීමට බලධාරීන් සහ පර්යේෂකයන් මේ වන විට අඛණ්ඩව කටයුතු කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here