පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද (24) නියෝග කළේය.
සිය සිරදඬුවමට එරෙහිව නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයකට යටත්ව කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. ඊට අමතරව, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් ද විනිසුරුවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

