මේ වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 14 ලක්ෂය ඉක්මවයි

0
8

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 18 දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,468,980 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, අගෝස්තු 01 වනදා සිට 18 වනදා දක්වා වූ කෙටි කාලය තුළ පමණක් සංචාරකයින් 125,562 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදීය (279,328).

අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් (27,884) පැමිණ ඇති අතර, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් එක්සත් රාජධානියට (13,980) සහ ප්‍රංශයට (8,776) හිමිව ඇත.

සමස්ත වසර පිළිබඳව සැලකීමේදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (366,114) වන අතර, එක්සත් රාජධානියෙන් 144,381ක් සහ චීනයෙන් 97,073ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here