2025 වසරේ මුල් භාගයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළ මෙරට ඉන්ධන ආනයන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ගෝලීය බොරතෙල් මිල සහ ආනයන පිරිවැයට එල්ල වී ඇති බලපෑම තක්සේරු කර තිබේද යන්න පිළිබඳව අද (21) පාර්ලිමේන්තුවේදී නැඟූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පසුගිය 2025 වසරේ මුල් භාගය තුළ ඉන්ධන ආනයනය සඳහා වැයවී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,995ක් පමණක් වුවද, මෙම වසරේ මුල් භාගයේදී එම වියදම අමෙරිකානු ඩොලර් මිලියන 3,168 දක්වා කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති බවයි.

