අමෙරිකාව සහ පිලිපීනය අතර පවතින සබඳතා සහ සහයෝගිතාවන් කිසිදු තෙවන පාර්ශ්වයකගේ අයිතිවාසිකම්වලට හෝ අවශ්‍යතාවලට හානි පමුණුවන ආකාරයෙන් සිදු නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
පිලිපීන ධීවරයන්ට නීතිවිරෝධී ධීවර කටයුතු පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සහාය වීම සඳහා එරට පලවාන් (Palawan) දූපතේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවන බවට අමෙරිකානු තානාපති කාර්යාලය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියාන් (Lin Jian) මේ බව සඳහන් කළේය.
එහිදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ සිදුවීම පිළිබඳව චීනය දැඩි අවධානයෙන් පසුවන බවයි.
දෙරටක් අතර සිදුවන ජාත්‍යන්තර සහයෝගිතාවන් සැමවිටම කලාපීය සාමය, ස්ථාවරත්වය සහ රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට දායක විය යුතු බව පෙන්වා දුන් ඔහු, අමෙරිකාව සහ පිලිපීනය අතර පවතින සාමාන්‍ය සබඳතාවලට චීනය විරුද්ධ නැතත්, ඒවා වෙනත් රටවල් ඉලක්ක කරගනිමින් සිදුනොකළ යුතු බව අවධාරණය කළේය.

