එක්සත් ජනපදයේ හූස්ටන් (Houston) නගරයේ කොන්සල් ජෙනරාල්වරිය ලෙස පත් කරන ලද වෆා බින්ට් අබ්දුල්ලා අල්-මර්සුකි (Wafa bint Abdullah Al-Marzouqi), සවුදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දී තිබේ. ඒ අනුව ඇය සවුදි අරාබිය නියෝජනය කරන පළමු කාන්තා කොන්සල් ජෙනරාල්වරිය බවට පත්වෙයි.
දිවුරුම් දෙමින් ඇය ප්‍රකාශ කර සිටියේ “සර්වබලධාරී අල්ලාහ් දෙවියන් පසෙසා මම දිවුරුම් දෙමි. මාගේ ආගමටත්, ඉන්පසු මාගේ රටටත් මම පක්ෂපාතී වන බවත්, රාජ්‍යයේ කිසිදු රහසක් හෙළි නොකරන බවත්, රට තුළ සහ විදේශයන්හිදී එහි සියලු තීන්දු සහ ආයතන සුරකින බවත්, මාගේ වගකීම් සහ කර්තව්‍යයන් අවංකව, විශ්වාසවන්තව හා කැපවීමෙන් ඉටුකරන බවත් ප්‍රකාශ කර සිටිමි.”

