ඉන්දීය දෙවැනි ඉනිම 193කට සීමා වෙයි. ශ්‍රී ලංකාවට ලකුණු 372ක විජයග්‍රාහී ඉලක්කයක්

0
8

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (18) ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව, මෙම තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති විජයග්‍රාහී ඉලක්කය ලකුණු 372කි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් රිෂාබ් පන්ට් ලකුණු 66ක් රැස්කළ අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 44ක් සහ කේ. එල්. රාහුල් ලකුණු 35ක් ලබාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් බිඳහෙලූ අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක්ද, ලහිරු කුමාර කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here